Windows 8 වල hibernate option එක දාගන්න හැටි

ඔන්න මම අදත් ආව අලුත් ලිපියකින්.මේක වින්ඩෝස් 8 වල වැඩකෑල්ලක්.මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙන්න යන්නෙ windows 8 වලට hibernate power option එක දාගන්නෙ කොහොමද කියලා.මොකද අපිට සෙවන් වල වගේම hibernate power option එක default option යටතේ නොමැති වීම.




මෙන්න එහෙනම් ක්‍රමය. පහත පියවර ටික කරගෙන යන්නකෝ.
මුලින්ම ඔයාගේ Desktop එකේ පහලම තියෙන System tray icon ටික ගාවට යන්න

ඒ අතුරින් බැටරි මාක් එක තියෙන icon එක උඩ 
click කරන්න, ඊට පස්සේ එන චුටි වින්ඩෝ එකේ More Power Options එකට යන්න. 

මේ වින්ඩෝ එකේ වමේ තියෙන ලිස්ට් එකෙන් “Choose what the power button does”  කියන එක හරි “Choose what closing the lid does කියන එක හරි දෙකෙන් එකකට යන්න,



ඊට පස්සේ එන වින්ඩෝ එකේ “Change settings that are currently unavailable” click කරන්න. ඊට පස්සේ ඒ වින්ඩෝ එකේම පහල තියෙන Shut down settings වලට ගිහිල්ලා, Hibernate එකට ටික් එකක් දාලා Save Changes ක්ලික් කරන්න. 

දැන් වැඩේ හරි. බලන්න දැන් Power බටන් එකට ගිහිල්ල (6 රූපය) 
Hibernate ඇවිල්ලද කියලා.

සල්ලිවලට Ram ගත්ත කාලෙ ඉවරයි


මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද pendrive එකක් රැම් එකක් බවට පත් කරන්නෙ කියලා.එවිට අපිට පුලුවන් වැඩිය ගානක් වැය කරන්නෙ නැතුව රැම් එකක් ගන්න.මේකට අපිට අවශ්‍ය වන්නෙ අවම වශයෙන් 1GB Pendrive එකක්.එහෙනම් වැඩේ පටන් ගමු නේ.

මුලින්ම කරන්න තියෙන්නෙ පෙන් එක කොම්පියුටරයට ප්ලග් කරන්න.ඊට පස්සෙ My Computer වෙත ගොස් pendrive එක right click කරල Properties වෙත යන්න.

ඊට පස්සෙ Ready Boot Tab එක ක්ලික් කරන්න.එවිට පහත සදහන් වින්ඩෝවක් ඒවි.


උඩ පින්තූරේ විදියට කහ පාට වී ඇති Use the drive කියන radio button එක තෝරන්න.දැන් අපේ වැඩේ ඉවරයි.

එහෙනම් මම ගියා.